Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඇමති හමුවෙයි

දකුණු ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඇමති හමුවෙයි

දකුණු ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඇමති හමුවෙයි

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ රාංචි නුවර පැවැති 2වන දකුණු ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ත්‍රෝබෝල් කණ්ඩායම් පසුගිය සිකුරාදා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවී තිබේ.

තරගාවලිය පුරා අතිශය තේජාන්විත ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භූතානය පරාජය කරමින් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙහිදී දක්ෂතම ක්‍රීඩකයන් ලෙස විශේෂ ඇගයීමට ලක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්:
මාෆිල් මිහ්රාජ් (Mafil Mihraj) – තරගාවලියේ වීරයා (Man of the Match) සහ විශිෂ්ටතම ක්‍රීඩකයා
බවුම් ගණේගොඩ (Baum Ganegoda) – තරගයේ වීරයා
සමීර ධනංජය (Sameera Dananjaya) – තරගයේ වීරයා
සුබෝධා ගමගේ (Subodha Gamage) – තරගයේ වීරවරිය
උත්පලා රණසිංහ (Uthpala Ranasingha) – තරගයේ වීරවරිය

අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජයග්‍රාහී කණ්ඩායම් වෙත තම උණුසුම් සුබ පැතුම් එක් කළා.

ඉදිරියේදී ත්‍රෝබෝල් ක්‍රීඩාව මෙරට තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමට සහ ක්‍රීඩකයන්ගේ පහසුකම් නංවාලීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලේය.

Exit mobile version