Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් බැටරි බලශක්ති ගබඩා 07ක් කොළඹ වරායට

තවත් බැටරි බලශක්ති ගබඩා 07ක් කොළඹ වරායට

තවත් බැටරි බලශක්ති ගබඩා 07ක් කොළඹ වරායට

විදුලි බල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් ඊයේ (26) සවස කොළඹ වරායට ගෙන එනු ලැබුවේය.

මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්‍රදේශ වල ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් සමීපව සවිකිරීමට නියමිතයි. මෙම පද්ධති හත භාවිතයෙන් 280MW ප්‍රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව 70MWක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කර තිබේ.

ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීමෙන් තෝරාගත් වින්ඩ්ෆෝස් (Windforce Plc) පුද්ගලික සමාගම මෙම බලශක්ති පද්ධති සවිකිරීම් හත ස්ථාපිත කිරීම සිදු කරන අතර, තවත් ස්ථාන හයක ගබඩා පද්ධති සවි කරමින් තිබේ.

රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ජූනි මස ආරම්භයේදී ගෙන එන ලද පද්ධති අටක් මේ වන විට තෝරාගත් උපපොලවල් සමීපව සවි කිරීමේ කටයුතු සිදු කරන අතර, ජූලි මස අගදී අවසන් කර එමඟින් 80MWක විදුලි බල ශක්ති ප්‍රමාණයක් ජාතික විදුලි බල ජාලයට ලබා දීම සිදු වේ.

Exit mobile version