Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විශේෂ නිවේදනයක්

උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්

2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

අද දින(24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, 2025.09.14 වෙනදා නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාග කාලසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.

සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බව ද ඇය එහිදී පෙන්වා දුන්නාය.

Exit mobile version