Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප්ට පිටුපාමින් ඊශ්‍රා­ය­ලය ලෙබ­න­න­යට දිගින් දිග­ටම ප්‍රහාර

ට්‍රම්ප්ට පිටු පා ඊශ්‍රා­ය­ලය ලෙබ­න­න­යට දිගින් දිග­ටම ප්‍රහාර

ට්‍රම්ප්ට පිටු පා ඊශ්‍රා­ය­ලය ලෙබ­න­න­යට දිගින් දිග­ටම ප්‍රහාර

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම නොතකා ඊශ්‍රා­ය­ලය දිගින් දිග­ටම ලෙබ­න­න­යට ප්‍රහාර එල්ල කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙ­රිකා- ඉරාන සාම ගිවි­සු­මට ඇතු­ළත් කරුණු මෙතෙක් ප්‍රකා­ශ­යට පත්නො­වු­වද, එම ගිවි­සු­මට ලෙබ­න­නයද ඇතු­ළත් වන බව ඉරා­නය සහ සාම ගිවි­සුමේ මැදි­හත් පාර්ශ්වය වන පාකි­ස්තා­නය සඳ­හන් කර ඇති අතර, ඊශ්‍රා­ය­ලයේ ක්‍රියා­ක­ලා­පය හේතු­වෙන් සාම ගිවි­සු­මට බල­පෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ලෙබ­න­නය සම්බ­න්ධව මීට වඩා වග­කී­මෙන් කට­යුතු කළ යුතු බව ජී 7 සමු­ළු­වේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, ලෙබ­නන් ප්‍රහාර නව­ත්වන ලෙස ඔහු කළ ඉල්ලීම නොතකා ඊශ්‍රා­ය­ලය අඛ­ණ්ඩව පහර දීම ඉරා­නයේ දැඩි කන­ස්ස­ල්ලට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

අමෙ­රි­කාව සමඟ අව­බෝ­ධතා ගිවි­සු­මට එළැ­ඹී­මෙන් පසුව ඊශ්‍ර­යාල හමු­දාව 84 වතා­වක් සටන් විරා­මය උල්ලං­ඝ­නය කළ බවට ඉරා­නය චෝදනා කර ඇතැයිද, ලෙබ­න­න­යට පහ­ර­දීම අඛ­ණ්ඩව සිදු­වන්නේ නම් දැඩි ප්‍රති­චාර දක්වන බවට අන­තුරු අඟවා ඇතැයිද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම සහ ඉරා­නයේ අන­තුරු ඇඟ­වීම නොතකා ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා දින­යේදීත් දකුණු ලෙබ­න­න­යට නව­තම ප්‍රහාර මාලා­වක් එල්ල කර ඇති අතර, ලෙබ­න­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් සිවු­දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවය. ලෙබ­න­නයේ රාජ්‍ය පුවත් ඒජ­න්සිය සඳ­හන් කර ඇත්තේ ඊයේ උදෑ­සන ඊශ්‍රා­යල ප්‍රහා­රක ජෙට් යානා නබා­ටියා අල් ෆව්කා නග­ර­යට සහ ක්ෆාර් ටෙබ්නිට් ප්‍රදේ­ශ­ව­ලට දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවය. නව­තම ප්‍රහා­රය සම්බ­න්ධව ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා හෝ හමු­දාව මෙතෙක් කිසිදු ප්‍රකා­ශ­යක් සිදු කර නැති අතර, ඉරා­නයේ සහාය ලබන හෙස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­මින් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍ර­යා­ලය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Exit mobile version