Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යෝෂිත රාජපක්ෂට ඇප

යෝෂිතට ඇප

යෝෂිතට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද දින(17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version