Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණගේ පෙත්සම් විභාගය අවසන්

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ SDIG වරුණගේ පෙත්සම් විභාගය අවසන්

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ SDIG වරුණගේ පෙත්සම් විභාගය අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇති බැවින් ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමට අභියාචනධිකරණය අද (17) තීන්දු කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරුණ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාදීමට තිබෙන හැකියාව සොයාබලන ලෙස ඉකුත්දා අධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන බවය.

ඒ අනුව පෙත්සම්කරු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන බැවින්, පෙත්සමේ ඉදිරි කටයුතු අත්හිටුවන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

Exit mobile version