හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ඉල්ලා සිටියහොත් වහාම දැනුම් දෙන්නැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබයි.
හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සේවය ගරු සේවයක් බවත්, ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතු වේ.
මියගිය පුද්ගලයින්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ගන්නා බවට නිරන්තරයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි සදහන් කෙරේ.
ඒ සඳහා ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධි වන බැවින් එවැනි ප්‍රතිලාභයක් ඉල්ලා සිටියහොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත දැනුම් දිය හැකිය.

