Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතුබව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලීසිය දැනුම්දෙයි.

මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා තිබේ.

ඒ අනුව, 2026 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන අඩ වර්ෂයක් ගත වූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන ‌බවට සහතිකයක් ලබා ගන්නා ලෙස අදාල වර්ෂයට ජිවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත් සියළුම බලපත්‍රලාභින්ට පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

Exit mobile version