Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිත තහනම ක්‍රියාත්මකයි

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිත තහනම ක්‍රියාත්මකයි

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිත තහනම ක්‍රියාත්මකයි

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය ඊයේ (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ බව දන්වා තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සහ එකඟතාවෙන් නිකුත් කෙරුණු මෙම චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් වහාම පියවර ගත්තා.

2025 වසරේ ජගත් පරිසර දිනයේ දී පොරොන්දු වූ පරිදි ප්ලාස්ටික් පොලිතීන් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල සියලු රාජ්‍ය ආයතනයන්ගේ මැදිහත්වීමෙන් ඉදිරියටත් ක්‍රියාවට නංවයි.

Exit mobile version