Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හිටපු බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හිටපු බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ඉකුත් සිකුරාදා (29) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි චාමර නිශාන්ත කුමාර නැමැති බන්ධනාගාර නියාමකවරයෙකුටයි.

විත්තිකරුට විරුද්ධව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර, කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව ලබා දී තිබුණා.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 4ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන පළමු සහ දෙවන චෝදනාවලට විත්තිකරු වැරදිකරු කෙරුණු අතර, ඒ සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් චෝදනාවකට විත්තිකරු වැරදිකරු කරමින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පැනවීමටද විනිසුරුවරිය නියෝග කළා.

Exit mobile version