හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ පැවති සමනල උද්‍යානය නවීකරණය කර එළැඹෙන ජුනි 3වැනිදා සිට යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
නිසි ලෙස නඩත්තු නොවීම හේතුවෙන් මෙම උද්‍යානය කලක සිට අක්‍රීය තත්ත්වයක පැවතුණි. ඒ හේතුවෙන් පරිසර දිනය නිමිත්තෙන් එය නවීකරණය කර මෙලෙස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා මෙම කරුණු අනාවරණය කර සිටියේය.
සමනලුන්ට විශේෂිත පැළෑටි වර්ග රෝපණය කිරීමෙන් එය අලංකාරවත් ලෙස නැරඹීමට අවස්ථාව උදාකර ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
මෙරට තුළ සමනලුන් වර්ග 248ක් වාර්තා වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට අවේණික සමනලුන් වර්ග 31ක් සිටින බව ඒ මහතා පැවසීය.
ඉන් හම්බන්තොට සෆාරි උද්‍යානය පිහිටි සමනල උයන ආශ්‍රිතව සමනලුන් වර්ග 60ක් පමණ වාර්තා වී ඇත.

