ගෝලීය ආහාර අර්බුදයෙන් පීඩාවට පත් පළමු රටවල් 10 අතරට පාකිස්තානය ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර මානුෂීය ඒකාබද්ධ සංවිධාන එකමුතුව විසින් නිකුත් කරනු ලැබූ මේ දර්ශකයට අනුව වෙළෙඳපොළ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පසුබැස්මට අනුව පාකිස්තානයේ ආර්ථිකය පීඩාවට ලක්වී ඇති අතර, ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ ඉහළ යන උද්ධමනය හේතුවෙන් පාකිස්තානය එම රටවල් 10 අතරට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ. එම දර්ශකයට අනුව නයිජීරියාව පළමු ස්ථානයට පත්වී ඇති අතර, එරට ජනගහනයෙන් මිලියන 29.4ක් උග්‍ර අහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටින බව සඳහන් කර තිබේ.
පසුගිය වසරේදී පාකිස්තානයේ මිලියන 11කට ආසන්න ජනතාව උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට ගොදුරු වී ඇතැයිද, ඉන් මිලියන 9.3ක් ආහාර අර්බුදයකට ලක්වී ඇතැයිද සඳහන් කරමින් එම දර්ශකයේ අටවැනි ස්ථානයට පාකිස්තානය පත්වී ඇති අතර, මිලියන 156ක ජනතාවගේ ආහාර අනාරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන බංග්ලාදේශය 7වැනි ස්ථානයෙන් ශ්‍රේණිගත කර තිබේ.
ගෝලීය ආහාර අර්බුදයෙන් පීඩාවට පත් පළමු රටවල් දහය අතරින් දෙවැනි ස්ථානයට කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයත්, තුන්වැනි ස්ථානයට සුඩානයත් පත්වී ඇති අතර, මිලියන 12.7කගේ ආහාර අනාරක්ෂිතභාවයක් පෙන්නුම් කර ඇති ඇෆ්ගනිස්තානය පස්වැනි ස්ථානයේ පසුවෙයි. එම දර්ශකයට අනුව යේමනය සිව්වැනි ස්ථානයේ සහ මියන්මාරය 6වැනි ස්ථානයේ පසුවන අතර, දකුණු සුඩානය 9වැනි තැනට සහ සිරියාව දසවැනි ස්ථානයට පත්වී තිබේ.

