ඉරාන යුද්ධයට අවිආයුධ ඉතිරි කරගැනීම අරමුණු කරගනිමින්, තායිවානය වෙත ආයුධ අලෙවිකිරීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
ඒ යටතේ තායිවානය වෙත ලබාදීමට තිබූ ඩොලර් බිලියන 14ක ආයුධ තොගයක් යැවීම අත්හිටුවීමට තීරණය වී ඇති බව කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදෙමින් ඇමෙරිකාවේ වැඩබලන නාවික ලේකම් Hung Cao පවසයි.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ සිදුකළ චීන සංචාරය අතරතුර තායිවානයට අවි සැපයීම පිළිබඳ සාකච්ඡා වූ පසුබිමක මෙවන් තීන්දුවක් ප්‍රකාශයට පත්වීම විශේෂ කරුණකි.

