Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන්තොටුපොළට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

කටුනායක ගුවන්තොටුපොළට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

කටුනායක ගුවන්තොටුපොළට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින බැවින් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසත් ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා විසින් දැනුම්දෙන අතර මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යටවී ඇති අතර කෝවින්න ප්‍රදේශය ද ගංවතුර ආපදා තත්ත්වයට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Exit mobile version