Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්

‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කාගේ’ දේපොළවලට තහනමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගන්නා ලද නීතිවිරෝධී මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන, ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති ප්‍රකට අඹුසැමි යුවළට අයත් රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් සහ දේපොළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, අතුරුගිරිය ශාන්තාලෝකගම ප්‍රදේශයේ පිහිටි මෙම වටිනා නිවස දින 07ක කාලයක් සඳහා කිසිදු බාහිර ගනුදෙනුවකට ලක් කළ නොහැකි පරිදි (Freeze) වත්කම් තහනමකට ලක් කිරීමට කටයුතු කෙරුණි.

මෙම නීතිවිරෝධී වත්කම්වල හිමිකරුවන් වන ‘වනාතේ බොක්කා’ සහ ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළ මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත (Money Laundering Act) යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය. අත්අඩංගුවට පත්ව සිටින සැකකාර අඹුසැමි යුවළ හෙට දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version