ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන “හෙලෝ කිටී”, 2026 මැයි 19 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වුණු දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී විය.
“හෙලෝ කිටී” සමඟ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 150 දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (Japan International Cooperation Agency – JICA – ජයිකා),ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව, මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” නමින් වූ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රවර්ධනය කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා”(Clean Sri Lanka) වැඩසටහන සඳහා ද දායකත්වය ලබාදෙයි.
මෙහි ආරම්භක පියවරක් ලෙස,ජයිකා (JICA)ආයතනය ‘හෙලෝ කිටී’ චරිතයේ හිමිකාරීත්වය දරන ජපන් විනෝදාස්වාද සමාගමක් වන සැන්රිඕ (Sanrio)පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම“ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය” නිර්මාණය කර ඇත. මෙම ගීතය ඔස්සේ විශේෂයෙන් ම ළමුන් සහ තරුණ පරපුර අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීම අරමුණු කර තිබේ.
මෙම සතිය තුළ පාසල් කිහිපයක පැවැත්වෙන දැනුම්වත් කිරීමේ සහ ප්‍රජා සේවා වැඩසටහන් මාලාවකට “හෙලෝ කිටී” සහභාගී වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන මෙම ක්‍රියාකාරීත්වයන් තුළින්, ජනතාව අතර ධනාත්මකවූ චර්යාත්මක වෙනසක් ඇති කිරීමත්,පාරිසරික බලපෑම් අවම කරමින් වඩාත් තිරසාර පුරුදු අනුගමනය කිරීම සඳහා රට පුරා සිටින ජනතාව දිරිමත් කිරීමත් අපේක්ෂා කරයි.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්150කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පරිසර අධිකාරියවිසින් සංවිධාන කරන ලදී.
එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, එහි අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂමහතා,සැන්රිඕ (Sanrio)සමාගමේගෝලීය තිරසාරත්ව අංශය භාර කළමනාකාර විධායක නිලධාරිණී යුකෝට්සුජිමෙනෙවිය (Ms. Yuko Tsuji), ජයිකා (JICA)ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරොනුමා මහතා (Mr. Kenji Kuronuma),අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා ටී. දික්කුඹුර මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයෝ මෙන්ම ජයිකා (JICA)විශේෂඥයෝ සහ එහි ස්වෙච්ඡා සේවකයෝපිරිසක් ද සහභාගී වූහ.
මෙම වැඩසටහනේ දී “හෙලෝ කිටී” සමඟ එක්ව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ “ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය” ගායනා කළෝය. තවද, ජයිකා (JICA)ආයතනයෙහි ජපන් ජාතික ස්වෙච්ඡා සේවකයින් දෙදෙනෙක් පාරිසරික දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළෝය.
සැමට පිරිසිදු සහ තිරසාර අනාගතයක් උදෙසා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම සමාජයට මතක් කර දෙමින් මෙම වැඩසටහන අවසන් විය.ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු හෝ පරිසරයට ලැදි සාමාන්‍ය පුද්ගලයෙකු යන කුමන භූමිකාවක ජීවත් වුව දප්ලාස්ටික් භාවිතය අවමකර ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම වෙනුවෙන් අප සැමටම පැවරී ඇති වගකීමක් පවතින බව මෙම වැඩසටහනේ දී අවධාරණය කෙරිණි.
“ප්ලාස්ටික් ස්මාර්ට් ගීතය” නැරඹිය හැකි යූටියුබ් (YouTube) සබැඳිය
සිංහල:https://youtu.be/7vrg5QXb7-s
දෙමළ:https://youtu.be/5ri6bX6i7gc
ඉංග්‍රීසි:https://youtu.be/P79g2xkkQrU?si=88hy_CjzqnqOtHDX

