Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ජනපති කමිටුවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ජනපති කමිටුවක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් මෙන්ම පරිසර හිතකාමී කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම නව පියවර යටතේ එළැඹෙන මැයි මස 31වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය ආයතන සඳහා තනි භාවිත ප්ලාස්ටික් (Single-use plastic) වතුර බෝතල් මිලදී ගැනීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මීට අමතරව, ඕනෑම ආකාරයක තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදනයක් ආයතන පරිශ්‍රය තුළ භාවිත කිරීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.

මෙම අවවාදාත්මක චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

මෙම නව චක්‍රලේඛයට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 2වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සදහන් විධිවිධාන ද බලාත්මක බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර සිටී.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්“ සංකල්පයට අනුගත වීම එනම් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු වේ.

Exit mobile version