මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12වන සහ අවසාන මාසය වන ‘දුල් හජ්’ මාසය සඳහා වන නව සඳ අද දින ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කළේය.
ඒ අනුව, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.

