Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 14කට අධික ‘කුෂ් ‘ සමග දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

කෝටි 14කට අධික ‘කුෂ් ‘ සමග දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

කෝටි 14කට අධික ‘කුෂ් ‘ සමග දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් ”කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර ගුවන් මගින් දෙදෙනා අද (18) උදෑසන 9.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ. එල්. – 403 දරන යානයෙන් කටුනායක ගුවන් තොටු පොළට පැමිණ ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා, ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙනවිත් තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ඇඳුම් අතර සූක්ෂම ලෙස ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 23 හැවිරිදි මත්පැන් හලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි නාට්ටාමිරයෙකු බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.

Exit mobile version