Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව අති ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව අති ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව අති ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු විවිධ ඉලක්ක රැසකට එකවර පහර දිය හැකි MIRV වර්ගයේ අතිනවීන මිසයිලයක් ඉන්දියාව අත්හදා බැලූ බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

Agni-5 නමින් හඳුන්වන එම මිසයිලය අත්හදා බැලීම පසුගියදා ඔඩීෂා පළාතේ මුහුදු තීරයේ පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දූපතේදි සාර්ථකව සිදු කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මිට පෙර අත්හදා බැලූ අග්නි 1 සිට 4 දක්වා මිසයිල වර්ග කිලෝමීටර් 700 සිට 3,500ක් අතර දුරකට විහිදී ගිය ද, අග්නි 5 මිසයිලයට කිලෝමීටර් පන්දහසක දුරක් ආවරණය කිරීමේ හැකියාව ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දීය ආරක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව එම මිසයිල අත්හදා බැලීම සිදු කර තිබේ. ලොව මිසයිල තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම තත්ත්වයෙන් යුතු MIRV මිසයිල අත්හදා බැලීම් මීට පෙර සිදු කර ඇත්තේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනය පමණක් බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.

Exit mobile version