Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාල මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසට නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වියට්නාම ජාතිකයින් 74 දෙනා මෙවැනිම සයිබර් අපරාධ සම්බන්ධයෙන් කාම්බෝජයෙන් පිටුවහල් කළ පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා.

කොල්ලුපිටිය පොලීසිය ඊයේ (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු වාර්තා කරමින් මේ බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදි කොල්ලුපිටිය පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ ඔවුන් වීසා කොන්දේසි උල්ලංගණය කර ඇති බවයි.

මෙම පිරිසට වැටුප් ලබා දී ඇත්තේ මෙරට කාන්තාවක් බවත් වැටුප් ගෙවීමට මුදල් එවන ලද පුද්ගලයා තමන් නොදන්නා බවත් ඇය ප්‍රකාශ කර ඇතැයිද කොල්ලුපිටිය පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ සඳහන් කළා.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර විදෙස් ජාතිකයින් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

ඒ අනුව අදාළ වියෙට්නාම ජාතිකයින් පිරිස එළැඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Exit mobile version