Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බෙලරුසය සමඟ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අවබෝධතා ගිවිසුමක්

බෙලරුසය සමඟ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අවබෝධතා ගිවිසුමක්

බෙලරුසය සමඟ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අවබෝධතා ගිවිසුමක්

බෙලරුසය සමඟ අධ්‍යාපන අංශයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව එරට විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති හමුවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කර තිබේ.

මෙම සහයෝගීතාව පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ විශේෂිත පුහුණුව දක්වා ව්‍යාප්ත කළ හැකි බවට විශ්වාසය බවත් විජිත හේරත් මහතා කියා සිටි.

බෙලරුස් යනු ශ්‍රී ලාංකික සිසුන්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරා ගන්නා වැදගත් ගමනාන්තයකි. දැනට බෙලරුස් හි විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන් 3000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති.

එසේම සෞඛ්‍ය අංශය, වෛද්‍ය තාක්‍ෂණය, දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම, ඖෂධ නිෂ්පාදනයේ විය හැකි ඒකාබද්ධ ව්‍යාපාර, සෞඛ්‍ය කළමනාකරණ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ වෛද්‍ය පුහුණුව පිළිබඳ සහයෝගීතාව පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත. ආයුර්වේදය සහ සුවතාවය පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥ දැනුම බෙදා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති සූදානම පිළිබඳවද ‍අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් කිහිපයක් මෙහිදී අත්සන් කර ඇත.

Exit mobile version