Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා නිසා විපතට පත්වූවන්ට නිවාස කුලී, තවත් මාස 03ක් ඉදිරියට

දිට්වා නිසා විපතට පත්වූවන්ට නිවාස කුලී, තවත් මාස 03ක් ඉදිරියට

දිට්වා නිසා විපතට පත්වූවන්ට නිවාස කුලී, තවත් මාස 03ක් ඉදිරියට

දිට්වා ආපදාවෙන් විපතට පත්වූවන්ට නිවාස කුලී ලබාදීම තවත් මාස තුනකින් දීර්ඝ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන්නේ නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනමින් අවසන් කරන ලෙසය.

මේ අතර මැයි මාසයේ ඉන්ධන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් වැයවන බවත් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට එහිදී උපදෙස් දී තිබේ.

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරිමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (12) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වුණි.

එහිදී නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

“ඉක්මනින්ම පදිංචිවීම් අවසන් කරන්න. නිවාස කුලී ලබාදීම තව මාස 3කට දීර්ඝ කරනවා. මාස 3 ඇතුළත මේ කටයුතු අවසන් කරන්න. මිල විචලනයේ ප්‍රශ්නෙ සඳුදා වෙද්දි විසඳන්නම්. මාර්තු 1 වැනිදා මිලටයි ඉන්ධන මිල ගළපන්නේ. ටික කාලයක් දෙන්න ඒ ප්‍රශ්නෙ විසඳන්න. ඉන්ධන භාවිතය ටිකක් අඩු කරන්න ඕන. මැයි මාසේ ඉන්ධන සඳහා අ.ඩො.මිලියන 550කට වැඩි යනවා.පෙබරවාරි වියදම තිබුණේ අ.ඩො.මිලියන 200කට අඩු මුදලක්. පොඩි කාලයක් දෙන්න චක්‍රලේඛය දෙන්නම්. වාහන මිලදී ගැනීමත් පොඩ්ඩක් නවත්තන්න වුණා. මේ වසර අවසන් වනවිට වාහන ටික දන්නම්. මම දන්නවා මේ ප්‍රශ්නෙ සංකීර්ණයි. සල්ලි දුන්නට ගෙයක් ලබාදීම සංකීර්ණයි. මේක සාර්ථකව අවසන් කරගන්න වැඩකරමු.”

Exit mobile version