පරිගණක අපරාධවලට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 20 දෙනෙකු හික්කඩුව දොඩන්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බූස්ස යුද හමුදා කදවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.
මෙම පිරිස දොඩන්දූව හෝටලක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර ඇත්තේ අසල්වාසී කිසිවෙකුට තොරතුරු හෙලි නොවන ආකාරයෙන්.
බූස්ස යුද හමුදා කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය පොලිසිය සමග එක්ව විශේෂ වැටලීක් සිදුකළා.
එහිදී පරිගණක අපරාධ සිදුකළ ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ ලැප්ටොප් පරිගණක 22ක්ද පොලිස් භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ජංගම දුරකතන පරිගණක ඇතුලු උපකරණ වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතයි.

