Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාල්ලේදී සයිබර් අපරාධ වලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 23ක් අත්අඩංගුවට

ගාල්ලේදී සයිබර් අපරාධ වලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 23ක් අත්අඩංගුවට

ගාල්ලේදී සයිබර් අපරාධ වලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 23ක් අත්අඩංගුවට

ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශ වලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෛස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී.

සැකකරුවන් වයස අවුරුදු 21ත් 47ත් අතර වයස්වල පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 32ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version