Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන ඇල්ලිමට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන අල්ලන්න පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන අල්ලන්න පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

අමිහිරි අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා.

මෙවැනි රථවාහන දුටුවිට වාහනයේ අංකය, සිද්ධිය වූ දිනය හා ස්ථානය සඳහන් කර වට්ස් ඇප් පණිවුඩයක් එවන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මහමග ධාවනය කෙරෙන ඇතැම් වාහන අන්තරායදායක ලෙස නවීකරණය කරන ලද ඒවා බව පොලීසිය පවසනවා.

මෝටර් වාහන වල අන්තරායදායක කොටස් සවි කිරීම, සයිලන්සරය ඔස්සේ අධික අමිහිරි කටෝර ශබ්දය පිටකිරීම මගින් ජනතාව පීඩාවට පත්වනවා.

මෝටර් වාහන ආඥා පනතට අනුව මෙලෙස අන්තරායදායක උපාංග සවිකිරීම නීතිවිරෝධී වනවා.

නිවිනිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන්, විවිධ නලා, චිත්‍ර වෙළඳ දැන්වීම් සහ ඉෂ්ඨ රූප ප්‍රදර්ශනය, වර්ණය වෙනස් කිරීම ආදිය තහනම් වනවා.

එසේම ඇතැම් රථවාහන වලින් කළු දුම පිටවීම නිරීක්ෂණය කළ හැකියි.

එවැනි අවස්ථාවල 070 3500 525 යන වට්ස්ඇප් අංකයට යොමුකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ තුළින් අනතුරු මෙන්ම පරිසර හානියද වළක්වා ගත හැකි බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

Exit mobile version