Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් ක්‍රීඩා සඳහා මිලියන 450ක දැවැන්ත ආයෝජනයක්

පාසල් ක්‍රීඩාවට මිලියන 450ක දැවැන්ත ආයෝජනයක්

පාසල් ක්‍රීඩාවට මිලියන 450ක දැවැන්ත ආයෝජනයක්

දිවයින පුරා පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම සඳහා රුපියල් මිලියන 450ක ව්‍යාපෘතියක් රජය මගින් ආරම්භ කර තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (08) ක්‍රීඩා සංර්වධන දෙපාර්තමේන්තුවේදී එහි සමාරම්භක අවස්ථාව පැවැත්වුණු අතර, එහිදී පාසල් රැසක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම නිල වශයෙන් ආරම්භ කළ බව සඳහන්.

සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 450ක් වෙන් කර ඇති අතර, එය පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනයට සහ ක්‍රීඩා උපකරණ ලබාදීමට යොදවනු ලබන අතර මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 25ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සිදු කර තිබෙනවා.

සංකේතවත් ලෙස දිවයිනේ පාසල් තුනක් සඳහා ක්‍රීඩා උපකරණ මෙහිදී අමාත්‍යවරයා අතින් පිරිනාමු බවයි වාර්තා වුණේ.

මෙම උපකරණ කට්ටලවලට ක්‍රිකට්, රග්බි, දැල්පන්දු මෙන්ම මලල ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය වන විසි කිරීමේ හා පැනීමේ උපකරණ ඇතුළත්.

Exit mobile version