Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවල පිරිවැය පියවා ගැනීම සඳහා ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙම ගාස්තු සංශෝධනය අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාර්තුවලදී ඇති විය හැකි රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟය පියවා ගැනීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

කෙසේ වෙතත්, රජය රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබා දීමට එකඟ වීම නිසා සමස්ත පාරිභෝගිකයන්ගෙන් 95%කට මෙම ගාස්තු වැඩිවීම බලනොපාන බව කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව, මෙම මිල ඉහළ යාම අදාළ වන්නේ සමස්ත පාරිභෝගික සංඛ්‍යාවෙන් 5%ක පිරිසකට පමණයි.

ඒ අනුව මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයන් සඳහා ගාස්තු ඉහළ නොයන අතර, ඒකක 180 සීමාව ඉක්මවන පාරිභෝගිකයන් සඳහා පමණක් 18%ක වැඩිවීමක් සිදු වනවා.

සියලුම රාජ්‍ය ආයතන සඳහා 18%ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා වෙනසක් සිදු නොවන අතර, GP 2 සහ GP 3 කාණ්ඩ සඳහා 18%ක වැඩිවීමක් අදාළ වනවා.

එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා පැරණි ගාස්තුම පවතින අතර, මහා පරිමාණ කර්මාන්ත සඳහා 18%ක වැඩිවීමක් සිදු වනවා.

H1 සහ H2 කාණ්ඩවල අඩු පරිභෝජනයක් සහිත හෝටල් සඳහා ගාස්තු වැඩි නොවන නමුත්, අධික පරිභෝජනයක් සහිත හෝටල් සඳහා 18%කින් ගාස්තු ඉහළ යනු ඇති.

ඒකක 180ට අඩු පරිභෝජනයක් සහිත පූජනීය ස්ථාන සඳහා ගාස්තු වැඩි නොවන අතර, ඒකක 180 ඉක්මවන ස්ථාන සඳහා 18%ක වැඩිවීමක් ක්‍රියාත්මක වනවා.

Exit mobile version