Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ විසා නොමැතිව සිටි එංගලන්ත ජාතිකයෙක් අත්අඩංගුවට

හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ විසා නොමැතිව සිටි එංගලන්ත ජාතිකයෙක් අත්අඩංගුවට

හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ විසා නොමැතිව සිටි එංගලන්ත ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන්, හෑෂ්, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමඟ වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටි එංගලන්ත ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් 1හි නිලධාරීන්ට ලද තොරතුරකට අනූව එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් බදාදා දින(06) මෙම වැටලීම සිදු කර තිබේ.

හබරාදුව පොලිස් වස‌මේ විලා ස්පයිසි, කොලවන් වත්ත, දැලවැල්ල, උනවටුන පිහිටි නිවසක් මෙලෙස වටලා ඇත.

එහි දී වලංගු විදෙස් ගමන් බලපත්‍ර‍ක් හා මෙරට තුල රැඳී සිටීමට නිල අවසර පත්‍ර‍යක් (වීසා) නොමැතිව මෙරට රැඳී සිටිමින්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280, මිලි ග්‍රෑම් 150, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 හා විවිධ විදෙස් මුදල් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 73ක එංගලන්ත ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර විදෙස් ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Exit mobile version