Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ පණිවිඩයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ පණිවිඩයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ පණිවිඩයක්

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් පසු, සියලුම සිසුන්ගේ ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වන විට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ලියාපදිංචි ලේඛන ලැබීමත් සමඟ, සැප්තැම්බර් මුල් සතියේ සිට පාඨමාලා ආරම්භ කරන නිශ්චිත දිනයන් තීරණය කිරීමේ බලය ඒ ඒ විශ්වවිද්‍යාල වෙත හිමි වන බව ඇය සඳහන් කළා.

මෙවර අධ්‍යයන වර්ෂයේ සිට නව උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනෙකු බඳවා ගන්නා බව අග්‍රාමාත්‍යවරිය දැනුම්දුන්නා.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 281,810 අතුරින් 176,538 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් සිසුන් 42,937 දෙනෙකු රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බවයි.

Exit mobile version