Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විද්‍යා ඝාතකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයත් මරණ දඩුවම තහවුරු කරයි

විද්‍යා ඝාතකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයත් මරණ දඩුවම තහවුරු කරයි

විද්‍යා ඝාතකයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයත් මරණ දඩුවම තහවුරු කරයි

යාපනයේ විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවට ස්වීස් කුමාර ඇතුළු 4 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ.

අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවක් ලබා දෙන ලදි.

කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළා.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණා.

මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් තිබුණා.

Exit mobile version