රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයින් 27ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
කියුව්හි සටන් විරාමය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙන්නේ රුසියානු ප්‍රහාරයකින් ගිනිකොනදිග යුක්‍රේන නගරයක් වන ඩිනිප්‍රෝ හි ද පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බවයි.
පොල්ටාවා සහ කාර්කිව් කලාපවල යුක්‍රේන රාජ්‍ය ගෑස් ගබඩා සංකීරණයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වන අතර බයුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති සමාගමක් වන නැෆ්ටෝගාස් හි ප්‍රධාන විධායක නිලධාරී සර්හි කොරෙට්ස්කි පවසා ඇත්තේ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවී ඇති අතර ගෑස් නිෂ්පාදන අඩු වීමට මෙය හේතුවක් විය හැකි බවයි.

