Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිටුවහල් කළ චීන ජාතිකයින් 37ක් රැගෙන යාමට චීන පොලිසිය කටුනායකට

පිටුවහල් කළ චීන ජාතිකයින් 37ක් ගෙනියන්න චීන පොලිසිය කටුනායකට

පිටුවහල් කළ චීන ජාතිකයින් 37ක් ගෙනියන්න චීන පොලිසිය කටුනායකට

නීතිවිරෝධී කටයුතුවල නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටි චීන ජාතිකයන් 37දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබේ.

මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව මෙරට තුළ රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල නිරත වී ඇත.

පිටුවහල් කෙරුණු මෙම චීන ජාතිකයන් අතර කාන්තාවන් 6දෙනෙකුද සිටින බව වාර්තා වේ.

ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීන් 11දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් ඉකුත් සඳුදා (04) රාත්‍රී 10.50ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන්, චීනයේ කුංමිං නුවර වෙත රැගෙන ගොස් ඇති බවද සඳහන්වේ.

Exit mobile version