‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස ‘මලෛයග මහිල්චිචි’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස ව්‍යාපෘති දෙකක් සඳහා මුල්ගල් තැබීම ඊයේ(26) සිදුකළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
මෙම මුල්ගල් තැබීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, නායබැද්ද වත්තේදි සහ හල්දුමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මල්වන් කොටසේදි සිදු කරන ලදි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නායබැද්ද වත්තේ නාය යෑමේ අවදානමට ලක්ව සිටින් පවුල් 11ක් වෙනුවෙන් සහ හල්දුමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මල්වන් කොටසේ අවදානමට ලක්ව සිටින පවුල් 23ක් වෙනුවෙන් මෙම නව නිවාස ඉදි කෙරේ.
මෙම නිවාස ඒකක 34 ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 108 කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි. මෙම එක් නිවාස ඒකකයක් ඉදි කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 28ක් සහ යටිතල පහසුකම් වෙනුවෙන් ලක්ෂ 04 මුදලක් වැය කෙරෙන අතර පර්චස් 10ක ඉඩමක්ද මෙම ප්‍රතිලාභින් සඳහා හිමිවේ.
දිර්ඝ කාලයක සිට නායයෑමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර, සුරක්ෂිත සහ ගෞරවනීය නිවාස හිමිකර දීම මෙම ‘මලෛයග මහිල්චිචි’ වැඩසටහනේ අරමුණයි. වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන්ට බලපාන ස්වභාවික ආපදා අවදානම් අවම කිරීම රජයේ මූලික ප්‍රතිපත්තියක් වන අතර, මෙම වැඩසටහන එම ඉලක්කය සපුරා ගැනීම සඳහා තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකි බව අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවින්ද්‍ර බණ්ඩාර මහතා සහ අම්භිකා සාමිවේල් මහත්මිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශ නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු නිළධාරින් පිරිසක් සහ ප්‍රතිලාභි පවුල් හා සාමාජික පිරිස් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

