භාෂාවන් ඉගෙන ගන්නා රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කළ යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ නිලධාරීන් සහ අධිකරණ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.
ඉකුත් අඟහරුවාදා (21) දින පස්වරුවේ මාකුඹුර පිහිටි ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී මෙම සාකච්ඡාව පැවති අතර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබුණා.
සිංහල සහ දෙමළ භාෂාව අධ්‍යයනය කළ රාජ්‍ය සේවකයින් එම භාෂාව ඉගෙන ගැනීම සහ එම භාෂාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ වසර තුනකින් හෝ හතරකින් පසු විපරමක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබා දීමද සිදු කළා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) වී.මධුමතී , ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ, එහි අධ්‍යක්ෂ ජනරාල් ශාමින්ද මහලේකම් යන මහත්ම මහත්මීන් ඇතුලු ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සදහා සහභාගී විය.

