Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට හානි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට හානි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට හානි

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට අලාභහානී සිදුව ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ලෙබනන් ජාතිකයින් 2,400කට අධික පිරිසක් මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව ඇති බවද වාර්තා වනවා.

එල්ල වූ ප්‍රහාරවලින් නිවාස 17,756ක් පුර්ණ ලෙස විනාශ වී ඇති අතර නිවාස 32,668කට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව මෙලෙස නිවාස හානි සිදුව ඇත්තේ යුද්ධයෙන් ගත වූ දින 45 තුළයි.

Exit mobile version