Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට

ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට

ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට

මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ඊයේ(19) නිල වශයෙන් අවසන් වී තිබේ.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 60,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ආධාර ලබා දෙනු ඇත.

ඉන් මුල් අදියර දෙක යටතේ නිවාස 46,000ක් ඉදිකර අවසන් කර තිබුණි.

තවත් නිවාස 4,000කින් සමන්විත වූ තෙවන අදියර ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වතුකර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර, ඒ හරහා පවුල් 3,855ක් ප්‍රති ලාභ ලබා තිබුණි.

කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා එක් නිවසකට ලබා දෙන මුදල රුපියල් මිලියන 2.8 දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පියවර ගත් අතර, එම නිසා එය සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

ඒ අනුව, තෙවන අදියර යටතේ මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිකරන ලද ඉතිරි නිවාස 145, ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කෙරිණි.

එසේම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පොරොන්දුවකට අනුව නිවාස 10,000ක් ඉදිකරන සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

Exit mobile version