Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 06කදී 26 දෙනෙක් දිය රකුසාට බිලි

දින 06කදී 26ක් දිය රකුසාට බිලි

දින 06කදී 26ක් දිය රකුසාට බිලි

පසුගිය 12 වැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් 26 දෙනෙක් මියගොස් තිබේ.

දිවයිනේ ප්‍රදේශ දෙකකින් ඉකුත් සිකුරාදා (17) දිනයේත් දියේ ගිලීම් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණා.

මිහින්තලය – මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහුගේ 11 හැවිරිදි පුත්‍රයා සහ 12 හැවිරිදි තවත් දරුවෙකු වැවෙහි දිය නාමින් සිටියදී එකවරම දියේ ගිලී ඇති අතර, මියගිය පුද්ගලයා ඔවුන් බේරා ගැනීම සඳහා දියට පැන තිබෙනවා.

සිද්ධියෙන් දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ.

මේ අතර, දෙහිඕවිට – හිඟු‍රලකන්ද ප්‍රදේශයේදී සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මොහු ඥාතීන් පිරිසක් සමග දෙහිඕවිට ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ අදාළ ස්ථානයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Exit mobile version