අමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු, ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ (14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබේ.
ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ (Meraj Air Line) IRAN – 09 දරන මෙම විශේෂ ගුවන් යානය 14දින පස්වරු 04.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.
පසුව මෙම ගුවන් යානය වෙත වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 206 දෙනෙකු සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 38 දෙනෙකු, යොමු කර තිබේ.

