Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ

2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට

2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම තරගාවලියේදී පිරිනැමෙන සම්පූර්ණ ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 8,764,615කි.

එය 2024 වසරේ ලබාදුන් ත්‍යාග මුදලට වඩා සියයට 10ක් වැඩිවීමක් වන බව සඳහන්ය.

2026 වසරේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,340,000ක්ද අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 1,170,000ක් ලබා දෙනු ඇත.

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත් වන කණ්ඩායම් දෙක සඳහා අමෙරිකානු ඩොලර් 675,000ක් ලබාදීමට නියමිතය.

මූලික වටය ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 247,500ක් මුදලක් හිමි වනු ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version