Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට

යාල වනෝද්‍යානයේදී නීතිය කඩකළ 5ක් අත්අඩංගුවට

යාල වනෝද්‍යානයේදී නීතිය කඩකළ 5ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ දෙවන කලාපය තුළ රහසිගතව සිදුකරගෙන ගිය මහා පරිමාණ වනසත්ව ඝාතන ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් කතරගම සහ හපුතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 92ක් වැනි විශාල තොගයක් හමුවී ඇති අතර, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ප්‍රවාහනය සඳහා යොදාගත් පාපැදි දෙකක් සහ තවත් දඩයම් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වනෝද්‍යානයේ වටිනා සම්පත් විනාශ කරමින් සිදුකළ මෙම සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

Exit mobile version