Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබෙනවා.

පැය 16කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත් ඔහු මෙහිදී පවසා තිබුණා.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

Exit mobile version