Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වේ.

රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වෙයි

රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වෙයි

ඕතඩොක්ස් පාස්කු උත්සවය හේතුවෙන් රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වී ඇති අතර මෙම සති අන්තයේදී ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් තම හමුදාවන් වෙත නියෝග කර තිබෙනවා.

යුක්රේනය ද සටන් විරාමයට අනුගත වෙමින් කටයුතු කරනු ඇති බවටයි රුසියාව විශ්වාසය පල කරන්නේ.

කෙසේවුවද ප්‍රහාරයක් එල්ල වන්නේ නම් ඒවා මැඩපැවැත්වීම හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට තම හමුදාවන් සුදානම් බවද රුසියාව නිවේදනය කරනවා.

සටන් විරාමයට සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි ඉල්ලීමක් සිදුකිරීමෙන් අනතුරුවයි රුසියාව එකඟතාව පල කර ඇත්තේ.

Exit mobile version