Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර

දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලා තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක ප්‍රදර්ශනය නොකරන ව්‍යයාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සහ විමර්ශන සිදු කරන ලෙස සියලුම දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි එම අධිකාරිය පැවසීය.

ඒ අනුව පසුගියදා කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ “මීනගයා” රාත්‍රී දුම්රියේ ආපන ශාලාව එම අධිකාරියේ නිලධාරීන් හදිසි වැටලීමකට ලක්කර ඇති අතර එහිදී පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

මේ අතර දුම්රියේ ගමන් කිරීමේදි හෝ දුම්රිය ස්ථානවලදී මෙවැනි අසාධාරණයකට මගීන් ලක්වූයේ නම් ඒ සම්බන්ධයෙන් 1977 අංකය අමතා පැමිණිලි කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version