Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රු.මි 26ක සහන වවුචර්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රු.මි 26ක සහන වවුචර්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රු.මි 26ක සහන වවුචර්

“දිට්වා”සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය හා ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදා දී තිබෙනවා.

මෙම වවුචර් පත් බෙදා දීම යුද්ධ හමුදා මූලස්ථානයේ ඊයේ(10) දින සිදු කර තිබේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී වු අතර, “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත එක් අයෙකු සදහා රුපියල් 15,000ක වටිනාකමින් යුතු වවුචර්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කළ බව සඳහන්.

මෙම වැඩසටහන සඳහා වන මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම වෙතින් ලබා දී තිබේ.

Exit mobile version