සෞදි අරාබිය සහ බහරේනය යා කරන ‘කිංග් ෆාඩ් කොස්වේ’ (King Fahd Causeway) පාලම දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය විසින් සෞදි අරාබියේ නැගෙනහිර පළාත ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර සැලකිල්ලට ගෙන, ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව පාලම පාලනය කරන ආයතනය පවසයි.
කිලෝමීටර් 25ක් දිගු මෙම පාලම, සෞදි අරාබිය සහ බහරේනය යා කරන එකම ගොඩබිම් මාර්ගය වන බව සඳහන් වෙයි.
මේ අතර, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අද (07) රාත්‍රිය වන විට නැවත විවෘත නොකරන්නේ නම්, ඉරානයේ පාලම් සහ බලාගාර බෝම්බ දමා විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් තම යටිතල පහසුකම්වලට පහර දුන්නොත් දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය තර්ජනය කර තිබේ.

