ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි වනසතුන්ට සහ රක්ෂිත වනාන්තරයන්ට සිදුවන හානි සැළකිල්ලට ගෙන ආරක්ෂක අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය, වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි 1995 සුරැකුම විශේෂ මෙහෙයුම් ඒකකය පරිසර අමාත්‍යංශයට අයත් වනජිවී අංශයේ පසුගිය 2025.11. 03වන දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති වනජීවී සහ වනාන්තර සම්බන්ධ අපරාධ පිළිබඳ සහ ඒ සඳහා ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගතිය සමාලෝචනයක් පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් (06) දින පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වූ අතර එම සාකච්ඡාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වනජීවී අංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා, වන සංරක්ෂක ජනරාල්තුමා ඇතුළු වනසංරක්ෂණ සහ වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිළධාරීන් මෙන් ම මෙම විමර්ශන ක්‍රියාවලියේ යෙදී සිටින ත්‍රිවිද හමුදා නිළධාරීන් ඇතුළු පරිසර අමාත්‍යංශයේ නිළධාරීන් සහභාගී වූහ.
මෙම විමර්ශන ඒකකයේ ක්‍රියාකාරීත්වය තව දුරටත් සක්‍රීයව සිදු කිරීම සඳහා විශේෂ මෙහෙයුම් වැඩසටහනක් (SOP) ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පරිසර අමාත්‍යතුමා විසින් මෙහි දී අවධාරණය කළ අතර සතියක් තුළ එම වැඩසටහන සකස් කිරීමෙන් අනතුරුව 1995 ක්ෂණික ඇමතුම් දුරකථන අංකයට පැමිණිල්ලක් ලැබුණු විගස ඒ සදහා ඒකාබද්ධ විමර්ශන ඒකකයන්ගේ මැදහත්වීමෙන් කටයුතු කිරීමට අවකාශය ලැබෙනු ඇත.
පරිසර අමාත්‍යංශයේ “වනස්පති” ජාතික වැඩසටහන ඔස්සේ හදුන්වාදුන් “වනසුරැකුම,මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකය ක්‍රියාත්මක කර මේ වන විට මාස 5ක් ගත වී ඇති අතර 2025.11.03 වන දින සිට 2026.03.06 දක්වා කාලය තුළ වනජීවී සහ වනාන්තර අපරාධ සම්බන්ධ පැමිණිලි 240ක් ලැබී ඇත. එම පැමිණිලිවලින් බොහොමයක් සදහා කඩිනම් විමර්ශන සිදු වෙමින් පවතින අතර දැනුවත් කරනු ලැබු ඇතැම් පැමිණිලි සදහා නීතිමය ක්‍රියාමාර්ග අවසන් වී ඇත.
වන හානි,වන ජිවීන්ට සිදු කරනු ලැබු විවිධ නීතිවිරෝධී ක්‍රියාවන්,කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂිත ප්‍රදේශයන් හෙළිපෙහෙලි කිරීම් සහ වනාන්තරවල සිදු කෙරෙන අපරාධ ඇතුළු සිද්ධීන් රැසකට අදාලව මහජන පැමිණිලි 1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සහ අනුරාධපුර, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන වාර්තා වී තිබේ.
1995 අංකය ඔස්සේ වනජීවී සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි සිදු කිරීමේ හැකියාව පවතින අතර ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසියේ අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මෙම මෙහෙයුම් ඒකකය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

