නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ දුම්වැටි කන්ටේනරයක් අද (06) දිනයේ දී විවෘත කරනු ලැබුවා.
2025 නොවැම්බර් 23 වනදා ඩුබායි රාජ්‍යයේ සිට අඩි 40ක කන්ටේනරයක් කොළඹ වරායට පැමිණ තිබුණේ ඇඳ ඇතිරිලි තොගයක් බව සඳහන් කරමින්.
ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ සමාගමක නමටයි. ආනයනකරු එහි අයිතිය ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒ අනුව අදාළ කන්ටේනරය විවෘත කිරීමේ දී නීතිවිරෝධී ලෙස මෙරට රැගෙනවිත් තිබූ දුම්වැටි කාටන් 16,900ක් රේගු භාරයට ගැනුණා.
එහි වටිනාකම රුපියල් මිලියන 507ක් වන අතර රජයට අයවිය යුතු රුපියල් මිලියන 460ක තීරුබදු මේ තුළින් අහිමි වී ඇති බවයි රේගු නිලධාරීන් පවසන්නේ.

