Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදාදා නිවාඩුව අවලංගු කෙරේ

බදාදා නිවාඩුව අවලංගු වේ

බදාදා නිවාඩුව අවලංගු වේ

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ අනිද්දා එනම් 8වෙනි බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේතුළ ඉන්ධන සම්බන්ධයෙන් මතුවූ අර්බුදය හේතුවෙන් ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.

Exit mobile version