ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් දකුණුදිග ලෙබනනයේ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයේ බේරූට් හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉකුත් සෙනසුරාදා (04) දිනයේද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළා.
ඊශ්‍රායලයේ ගුවන් හා ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 25කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මාර්කේහ් ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඉන් එක් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කළා.
ගලවා ගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි වාර්තා වන්නේ.
ධීවර වරායක් ඉලක්ක කර ගනිමින්ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

